පිරිත් දේශනා Buddhist Pirith Chantings

පිරිත් යනුවෙන් හැඳින්වෙන්නේ ආරක්ෂාව ගෙන දෙන ධර්ම කොට්ඨාශයකි. මුලින්ම පිරිත් දේශනා ආරම්භ වූයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසු කාලයේදීයි. ලෙඩ රෝග වැළඳුනු අවස්ථා වලදීත්, නොයෙක් කරදර උපද්‍රව පැමිණි අවස්ථා වලදීත් පිරිත් දේශනාවෙන් ගුණ සලසා දෙන ලදී.

රහතන් වහන්සේලා ගිලන් වූ අවස්ථා වලදීත් බුදුරජාණන් වහන්සේ පිරිත් දේශනා කළහ. එමෙන්ම බුදුරජාණන් වහන්සේ ගිලන් වූ අවස්ථා වලදී රහතන් වහන්සේලා පිරිත් දේශනා කළහ. එම නිසා ඈත අතීතයේ සිටම බෞද්ධ ජනතාව පිරිත් දේශනාව ඉතා අගය කොට සැලකීමට හුරුවී සිටිති.

විපත්ති පටිබාහාය – සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බ දුක්ඛ විනාසය – පරිත්තං ධූත මංගලගන්
විපත්ති පටිබාහාය – සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බ භය විනාසය – පරිත්තං ධූත මංගලගන්
විපත්ති පටිබාහාය – සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බ රෝග විනාසය – පරිත්තං ධූත මංගලගන්
පිරිත් සුත්‍ර දේශනාව ආරම්භයේදී ඉහත දැක්වෙන ගාථා තුන ප්‍රකාශ කිරීම සිරිතකි. විපත්ති නැතිකර ගැනීම සඳහාත් සියලු දුක්, සියලු බය, සියලු රෝග වැනසීම සඳහාත් හේතු වන්නා වූ මංගල සම්මත කරුණු පිරිත් දේශනාවේ අඩංගුව පවතී.

“මේ මහා භද්‍රකල්පයෙහි ලොවට පහළ වී වදාළ සතර වෙනි බුදුරජාණන් වහන්සේ වන අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයත් රැකවරණයත් ආශීර්වාදයත් උදෙසා අපි ඉතාමත් ශ‍්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යමු. දුර්ලභ මිනිස් ජීවිතය වෙත සදාකාලික ආලෝකයක් උදා කර දිය හැක්කේ පරම දුර්ලභ වූ බුදුසසුනට පමණි. තෙරුවන් සරණ ගිය බෞද්ධයා මෙකරුණ මැනැවින් සිහියේ දරා සිටින්නෙකි. එනිසා ම දෛනික ජීවිතයේ විශේෂ අවස්ථාවන්හී දී ආශීර්වාදය සලසා ගන්නේ උතුම් තුනුරුවන් සරණ තුළින් ම ය. බාහිර පිහිටක් පිළිසරණක් සෙවීමක් සැබෑ බෞද්ධයෙකුට අයත් දෙයක් නොවේ. එනිසා ම ලක්දිව වැඩ සිටි ත‍්‍රිපිටකධාරී මහා තෙරුන් වහන්සේලා විසින් සැදැහැවත් බෞද්ධයන් ගේ ජීවිත වලට ආරක්ෂාවත් සැනැසීමත් සැපතත් උදෙසා සියවස් ගණනක් මුළුල්ලේ භාවිතයට පැමිණි පිරිත් පොත මේ රට තුළ සම්භාවනාවට පත් වූයේ පිරුවානා පොත් වහන්සේ නමිනි. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව එම පිරිත් දේශනාවන් සමඟ තමන් ගේ මුළු ජීවිතය ම රඳවා ගෙන තිබුණි. තුන්යම රාත‍්‍රියක් මුළුල්ලෙහි මහත් ශ‍්‍රද්ධා භක්තියෙන් යුතුව සජ්ඣායනා කරනු ලබන පිරිත් ධර්මය ශ‍්‍රවණය කිරීමට සැදැහැවත් ජනතාව මහත් සේ රුචි කරති.”

පිරිත් දේශනාකරන චෛත්‍ය Courier සේවාව හරහා ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.

Buddhist Pirith Chantings –POWER OF PIRITHA