විහාර මහාදේවී උද්‍යානයේ තියෙන උස කුලුනේ ඔබ නොදත් කතාව

The Cenotaph War Memorial in Viharamahadevi Park


විහාර මහාදේවී උද්‍යානයේ තියෙන උස කුලුනේ ඔබ නොදත් කතාව.

1. එය ප්‍රථමයෙන් පිහිටා තිබුනේ විහාර මහාදේවී උද්‍යානයේ නොව ගාලු මුවදොර පිටියේ.

2. මෙම කුලුන 1923 දී හැදුවේ පළමුවෙනි ලෝක මහා යුද්දය සදහා ලංකාවෙන් පිටව ගොස් ආපසු නොපැමිණි සොල්දාදුවන් 442 දෙනෙක් සිහි කිරීම සදහාය.

3.මියගිය බහුතරයක් ලංකාවේ ජීවත්ව සිටි බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවන්ගේ නම් කුලුනේ සදහන් වෙනවා, එමෙන්ම එකල 1වන ලෝක යුද්දෙට ගිය ලාංකීය සොල්දාදුවන්ගේ නම්වන විජේකෝන්, ඔබේසේකර, වීරකෝන් , පෙරේරා, සමරවික්‍රම සහ රාමනතන් යන සදහන් වෙනවා.

4.එමෙන්ම එක ඉංග්‍රීසි ජාතික කාන්තාවකගේ වන මිස් එල්. මිඩ්වුඩ් යන නමක්ද සදහන් වෙනවා.

5.1920 දී ආරම්භ කල මෙම කුලුන සැදීමට ගිය මුදල රු150,000

6.මෙහි විශේෂිතම කරුණ: නිර්මාතෘ වන්නේ සර් එඩ්වින් ලුට්යෙන් නමැති සුප්‍රසිද්ද බ්‍රිතාන්‍ය ජාතික නිර්මාණකරුය. ඔහු එංගලන්තයේ සුප්‍රසිද්ද White Hall cenotaph සහ ඉන්දීය ජනපතිගේ නිවස රාෂ්ඨපතිභවන් හි නිර්මාතෘ වේ. ( බ්‍රිතාන්‍ය වයිස්රෝයි ගේ නිල නිවස)

7.මෙයට යොදා ගත්ත පාශානය ඉන්දියාවෙන් ගෙන්වන අතර එහි කැටයම් තෝරාගත් විශේෂ ඉන්දීය කැටයම් කරුවන් විසින් නිර්මාණය කරලා තියෙනවා

8. 1939 දී ආරම්භ වුන දෙවන ලෝක මහා යුද්දය සමග ගාලු මුවදොර පිටියට එල්ල විය හැකි සතුරු නැව් ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර හමුවේ එම කුළුන ක්‍රම ක්‍රමයෙන් ගලවා ඉවත් කර පසුව නැවත 1952 දී විහාරමහාදේවි පිටියේ ඉදි කරා.

9. කුලුන ඉදිකිරීමට කම්කරුවන් වන සිංහල දෙමල සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් සමගියෙන් වැඩ කරලා තියෙනවා.

10. 1952 දී එලිසබෙත් කුමරිය(අද ජීවත්වෙන එලිසබෙත් රැජින) ලංකාවට පැමිණ විවෘත කරන්න නියමිතව තිබුණි. නමුත් ජෝර්ජ් රජුගේ හදිසි අභාවයත් සමග ඇයට බ්‍රිතාන්‍ය රජ කිරුල හිමි වීමට තිබීම නිසා සංචාරය අවලංගු විය

(අන්තර්ජාලයෙන් උපුටා ගැන්නා ලදී )